ප්‍රාදේශීය ලේකම්

 6fc0cf8d 91a9 45cd a609 e1c280eb0946

නම එස්.ඒ.ශාලිකා නිල්මිණී මිය
සුදුසුකම්
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය - සහකාර ලේකම්
  • ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය - සහකාර ලේකම්
  • ග්‍රාමීය කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය - සහකාර අධ්‍යක්ෂ
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව - සහකාර පාලක
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පාගම - සහකාර ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

 IMG 8866 නම  රංගි  කෙෘෂල්‍යා  හෙට්ටිආරච්චි  මිය.
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී    ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලය
  • මානව සම්පත් කළමනාකරණය පිළීබඳ ශාස්ත්‍රපති උපාධිය -   කැලණීය විශ්ව විද්‍යාලය

 

රැකියා ඉතිහාසය
  • රාජ්‍ය කළමණාකරන සහකාර - දකුණු පළාත - කලාප අධ්‍යාපන   කාර්යාලය  ඇල්පිටිය.
  • රාජ්‍ය කළමණාකරන සහකාර - නගර සභාව  අම්බලන්ගොඩ.
  • සහකාර  කොමසාරිස් (පරිපාලන)  ඉඩම් හිමිකම් නිරවුල කිරීමේ දෙපාර්තමේන්තුව.
  • අධ්‍යක්ෂ - v (පරිපාලන) - සෙෘඛ්‍ය අමාත්‍යාංශය.

ගණකාධිකාරි

 Resize image project නම පී.ටී.අයි.ෂාහිනී මිය
සුදුසුකම්
  • ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය - කැලණිය විශ්ව විද්‍යාලය
  • සී.ඒ.බී. - II - වරලත් ගණකාධිකරණ ආයතනය - ශ්‍රී ලංකාව

 

රැකියා ඉතිහාසය
  • අභ්‍යන්තර විගණන නිලධාරී - දකුණු පළාත් අභ්‍යන්තර විගණක දෙපාර්තමේන්තුව
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - විල්ගමුව
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මදුරාවල
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දොඩංගොඩ
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බලපිටිය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 AD නම ටි.ටී.හපුතන්තිරි මිය
සුදුසුකම්
  •  අළෙවි කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය
  •  සංවර්ධන අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
රැකියා ඉතිහාසය
  • සංවර්ධන නිලධාරී දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
  • සංවර් ධන නිලධාරි පළාත් කෘෂිකර් ම දෙපාර්තතමේන්තුව
  • සහකාර සැලසුම් අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලපිටිය

පරිපාලන නිලධාරී

  AO MISS නම

එස්.සී.එච්.ගුණතිලක මිය

සුදුසුකම්
  • අ.පො.ස.උසස් පෙළ
රැකියා ඉතිහාසය  
  • පරිපාලන නිලධාරී - තාක්ෂණ විද්‍යාලය ගාල්ල
  • පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්බලන්ගොඩ
  • පරිපාලන නිලධාරී - තාක්ෂණ විද්‍යාලය බලපිටිය
  • පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලපිටිය

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

   agn නම  එච්.කේ.ඩබ්.ඩී.ගුණසේකර මයා
සුදුසුකම්
රැකියා ඉතිහාසය
  • පරිපාලන නිලධාරි (ග්‍රාම නිලධාරී) - අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 

2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01   - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01   - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01        
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 30 28 02 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 04 02 02 - -  
භාෂා පරිවර්තක 01 - 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 06 06 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -
තාක්ෂණික සහායක 01 01        

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 52 43 09 - - -
සමාජ සේවා නිලධාරීන් 01 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - - - 01 01  
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 02 01  01 - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 -     -
සමාජ සංවර්ධන සහකාර 01 01   - - -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
උපදේශන සහකාර 01 01        
කෘෂිකාර්මික නිෂ්පාදන ව්‍යාපෘති සහකාර
01 - 01      
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 02 01 01      
වනිතා සංවර්ධන නිලධාරී 01 01        
මිනින්දෝරු - - - 01 - 01
ක්‍රීඩා නිලධාරී       01 01  
ජනපද නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර්මික නිලධාරී 02 01 01 01 01  -
මැහුම් උපදේශක       01 01  
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 01 01        
සංවර්ධන නිලධාරී (EDO) 57 56 -      
සංවර්ධන නිලධාරී 37 37        
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ශන සහකාර (ඉඩම් අත්පත් කර ගැනීම) 01 01        
සංවර්ධන නිලධාරී (ආයුර්වේද) 01 01 - - - -
ආපදා කළමණාකරන නිලධාරී 01 01   - - -

අපගේ දැක්ම

“ ඵලදායිතාවය තුලින් විශිෂ්ටත්වය ”

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,මහජන සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සහ සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම

 

කාර්යාලයේ පසුබිම  

සංවිධානාත්මක ආයතන ව්‍යුහයක් තුළ මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස මෙහෙයවීම තුළින් කඩිනම්, කාර්යක්ෂම  හා තෘප්තිමත් මහජන සේවයක් ලබා දීම සඳහා නිරතුරුව කටයුතු කරනු ලබන අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසර 40 කට අධික දිගු ඉතිහාසයකට උරුමකම් කියයි.

ග්‍රාම නිලධාරි වසම් 52 කින් සමන්විත බළපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ වෙරළ කලාපයට සමාන්තරව කි.මී.12 ක් පමන දික් හැඩති තීරයක් ලෙස පිහිටා ඇත. සුන්දර වෙරළ තීරය මෙන්ම දූපත් සමුහයකින් යුත් මාඳු ගඟත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ප්‍රධාන සාධකයන් වේ.

ඓතිහාසික බලපිටිය පුරවරයේ පෞරාණික විහාරස්ථාන රැසක් මෙන්ම අනෙකුත් ආගමික සිද්ධස්ථානත්, පාසල් , බළපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලය,බළපිටිය කාර්මික විද්‍යාලය,බළපිටිය රෝහල ආදි රාජ්‍ය ආයතන රැසකුත් ස්ථාපිතව ඇත .

සිංහල ජනතාව 97% ක් , මුස්ලිම් ජනතාව 2.6% ක්,සහ වෙනත් 0.4% ක් ජීවත් වන මෙම කොට්ඨාසයේ ප්‍රධාන ආර්ථික කටයුතු වන්නේ කෘෂි කර්මාන්තය,සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තයයි.

විරුවන් රැසක් මෙන්ම විද්වතුන් රැසක් බිහිවි තිබෙන බළපිටිය පුරවරය ඓතිහාසික වශයෙන් ඉතා දිගු මෙන්ම පෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. කෝට්ටේ රජ කළ VI වන පැරකුම්බා රජුගේ භට සේනාව කඳවුරුලා සිටි ස්ථානය බලපිටිය වූ බව ඵෙතිහාසික තොරතුරු වල සඳහන් වෙයි. හංස සංදේශයේ ද බලපිටිය ප්‍රදේශය පිළිබඳව සඳහන් කර ඇති අතර, එකල බලපිටිය කෝට්ටේ සිට මාතර දක්වා මුහුදු බඩ ගමන් මාර්ගයෙහි නවාතැන් පලක් වී ඇත. මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසින් හා ලන්දේසින් කුරුඳු කෙරෙහි දැක්වූ විශේෂ උනන්දුව නිසා මුහුදු බඩ ප්‍රදේශ දැඩිව පාලනය කර ඇති අතර ඒ හේතුවෙන් බුද්ධාගම ද විශාල වශයෙන් පරිහානියට පත් වී ඇත. මෙම කාලයේදී අඹගහපිටිය විහාරස්ථානයේ වැලිතර ශ්‍රී ඥානවිමල මහ නායක හිමියන් ඇතුළු පිරිසක් බුරුමයේ අග නුවරට ගොස් ක්‍රි.ව. 1802 දි උපසම්පදාව ලබා පැමිණ අමරපුර නිකාය පහිටුවා ඇත. වර්තමානයේ ද අමරපුර නිකායේ මුලස්ථානය පිහිටා ඇත්තේ වැලිතර අඹගහපිටිය විහාරස්ථානයේය.

1971 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

 

බර්ටි ජයසේකර මහතා

1971

පී.විජේරත්න මහතා

1977

ඩබ්.ජී.ජේ.නාපාවල මහතා       

1983

එච්.එල්.අමරසේකර මහතා      

1983

ඒ.පී.පී.ද වාස් ගුණවර්ධන මහතා          

1994

එල්.කේ.ආරියරත්න මහතා      

2001

කේ.කේ.චම්පිකා කනේරු මිය 

2009

කමල් රණසිංහ මහතා 

2009

එච්.කේ.සරසි එස්.ගුණසේකර මිය

2012

බී.පී.එස්.අනුරාධි මිය   

2017

ආර්.එම්.අයි.බි.එම්.සී.බි. ජයසිංහ  මයා 2021
එස්.ඒ.ශාලිකා නිල්මිණි මිය 2025
     
Scroll To Top